කැරලිකරුවන් එල්ල කළ ප්රහාරයකින් ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට
මාවෝ වාදී කැරලිකරුවන් එල්ල කළ ප්රහාරයකින් ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ දන්තේවාඩා දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ප්‍රහාරය සඳහා කිලෝ ග්‍රෑම් 50ක පමණ බරකින් යුතු පුපුරන ද්‍රව්‍ය යොදා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ප්‍රහාර සිදු වු ස්ථානයේ මාර්ගයේ ස්ථානයේ විශාල අවාටයක් නිර්මාණය වී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පිපිරීමත් සමඟ පොලිස් නිලධාරීන් ගමන් ගත් රථය අඩි 20ක් පමණ දුරකට විසි වී ඇති බව ද සඳහන්.
මේ වන විට ප්‍රහාරය එල්ල කළ මාවෝ වාදීන් සොයා ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
The post කැරලිකරුවන් එල්ල කළ ප්රහාරයකින් ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.