බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කිතුල්ගල සිට නොර්වුඩ් දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් සහ රියදුරා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.
කිතුල්ගල සිට නොර්වුඩ් දක්වා වැලි ප්‍රවාහනය කිරීමට පතල් සහ භුවිද්‍යා කාර්යංශය මගින් නිකුත් කර ඇති බලපත්‍රයේ දිනය පැහැදිලි ලෙස සදහන් නොකිරීමේ චෝදනාව යටතේ ටිපර් රථය සහ රියදුරා පොලිස් භාරයට ගත් බවත්, ටිපර් රථය අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ටිපර් රථයේ වැලි කියුබ් 3 ක් ප්‍රවාහනය කරමින් තිබු බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් පොලීසිය කියා සිටියේ.
The post බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට appeared first on ITN News.