How can Sri Lankan charities find international donors and partners?

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය

- itnnews.lk

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

එමෙන්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟුවලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කිරීමට අත්‍යාවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නා.

එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍වෙත ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසුවා.

සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නා.

ලෝක වෙළඳපොළේ බඩඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වුණා.

ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නා.

අතිරික්ත සහල් තොග මේ සඳහා යොදා ගැනීමෙන් වී ගොවියාගේ වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකියාවත් මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

The post කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය appeared first on ITN News.

You may also like

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc