යුක්රේනයට බක්හ්මුත් ප්රදේශයේ බලය අහිමිවීමේ අවදානමක්
යුක්‍රේනයට රුසියා හමුදා මැඩපැවැත්වීමට අවශ්‍ය අවි ආයුධ ප්‍රමාණවත් තරම් නොමැති බව වාර්තා වනවා.
රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කළ දිනයේ පටන් බක්හ්මුත් ප්‍රදේශය අත්පත්කර ගැනීමට රුසියාව දැඩි පරිශ්‍රමයක් දරනවා.
කෙසේ වුවද එම උත්සාහය මැඩපැවැත්වීමට යුක්‍රේන හමුදා සමත් වුවද ඉදිරි යුද කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් අවි ආයුධ නොමැති බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් යුක්‍රේනයට ලැබුණ යුධ ආධාර අඛණ්ඩව නොලැබීම ඊට හේතුවී තිබෙනවා.
ඒ සමඟම යුක්‍රේනයට බක්හ්මුත් ප්රදේශයේ බලය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවයි යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post යුක්රේනයට බක්හ්මුත් ප්රදේශයේ බලය අහිමිවීමේ අවදානමක් appeared first on ITN News.