” Industry 2023 ” , ජාතික කර්මාන්ත ප්රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල නිල වශයෙන් දියත් ...

- itnnews.lk

කර්මාන්ත අමාත්‍යංශයේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙවරත් පැවැත්වීමට නියමිත “Industry 2023″ , ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහතාගේ සහභාගිත්වයෙන් ( අප්‍රේල් 27 )සන්ධ්‍යාවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ගෝලීය දත්ත හා නිදර්ශකත් එක් කරගනිමින් රටක ආර්ථික වර්ධනයේදී කර්මාන්ත ප්‍රවර්ධනයේ අවශ්‍යතාව පුළුල්ව පැහැදිලි කෙරිණි.

එමෙන්ම ලංකාව තුළ කර්මාන්ත සදහා මෙතෙක් දක්වා ඇති දායකත්වයත් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය උදෙසා විධිමත් නිෂ්පාදන ආර්ථිකයක අවශ්‍යතාවයද ගෙනහැර දැක්විනි.

ඒ සදහා අද්‍යතන ගෝලීය ප්‍රවනතාවයන් අධ්‍යනය කරමින් දේශීය නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කළයුතු බවද සදහන් කළේය.

ඒ වෙනුවෙන් කර්මාන්ත කරුවන් දිරිගැන්වීම , බල ගැන්වීම අරමුණු කොට ගෙන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමේ වැදගත්කමද පැහැදිලි කෙරිණි. අවසාන වශයෙන් කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට රටක් වශයෙන් එකතු වෙමු යයි විවෘත ආරාධනනද සිදු කළේය.

කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්වය හමුවේ මතුවූ අභියෝගාත්මක වටපිටාවත්, රටේ ඇති වූ ආර්ථික අවගමනය නිසා මතුවූ දුෂ්කර කාල පරිච්ඡේදයත් පමණක් නොව දේශීය කර්මාන්ත ප්‍රමුඛ මෙරට සියළු කර්මාන්ත නගා සිටුවීමට වර්තමාන රජයට ඇති සැබෑ වුවමනාව නිසාත්, ගෙවුණු කාලය තුළ දේශීය කර්මාන්තකරුවන් ප්‍රමුඛ සියළු කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් බොහෝ ඉදිරි පියවරයන් මෙරට තුළ තබනු ලැබිණි.

ලෝකයම හතරවැනි කාර්මික විප්ලවය (The 4th Industrial Revolution ) නැතහොත් Industry 4.0, පසුකරමින් සිටින මොහොතක රටක් සංවර්ධනය කිරීමේදී කර්මාන්ත ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව හදුනාගත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් ලෙසින් තුන් කාලත්‍රයේදීම ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම, නගා සිටුවීම සහ සංවර්ධනය කිරීම අරමුණු කොට ගෙන අඩ සියවසකට අධික කාලයක් පුරා කර්මාන්ත අමාත්‍යංශය යටතේ මෙරට තුළ සුවිශේෂී කාර්ය භාරයන් රැසක් ඉටුකරමින් ක්‍රියාත්මකවීම සිදුවෙයි.

එලෙස ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය උදෙසා පැවරුණු වගකීම් මැනවින් හදුනාගෙන කටයුතු කරමින් සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
” Industry 2023 ” , ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස එළඹෙන ජුනි 22, 23, 24, 25 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කොට තිබෙයි.

හදුනාගත් කර්මාන්ත ක්ෂේත්‍ර 20 කට අධික ප්‍රමාණයක් මුල්කොට ගෙන පවත්වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත කරුවන්ට කර්මාන්ත කරුවන්, කර්මාන්ත කරුවන්ට දෙස් විදෙස් ආයෝජකයන් මෙන්ම කර්මාන්ත කරුවන්ට නව දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථාවන් සපයාගත හැකි ආකාරයේ නිදහස් අවකාශයක් නිර්මාණය කරදෙයි.

එහිදී නව වෙළඳපොළ අභියෝගයන් , නව තාක්ෂණික අභියෝගයන් මෙන්ම ප්‍රාග්ධන අභියෝගයන් ජයගත හැකි ආකාරයේ දැනුමැති සමාජ වටපිටාවක් නිර්මාණය කරදෙයි. එමෙන්ම කාර්මික ප්‍රමුඛතා මත පදනම්ව විශ්ව විද්‍යාල , වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ශාස්ත්‍රීය ආයතන , වෙනත් පර්යේෂණ ආයතන හෝ පුද්ගලයන් විසින් සිදුකරන නව නිපැයුම් සහ විවිධ පර්යේෂණ වාණිජකරණය කර ඒවා ප්‍රායෝගික පර්යේෂණ නිමැවුම් නිෂ්පාදන යාන්ත්‍රණයකට ඇතුළත් කිරීමට පහසුකම් සැලසීමත් මෙම ප්‍රදර්ශනයේ මුක්‍ය අරමුණක් වෙයි.

රාජ්‍ය , සංස්ථා , ව්‍යවස්ථාපිත ආයතන , පෞද්ගලික ආයතන , තානාපති කාර්යාල හරහා ජාත්‍යන්තර සබදතා ආදි බොහෝ ක්ෂේත්‍රයන් මෙම ප්‍රදර්ශන භූමියට එක් කිරීමට කටයුතු සැලසුම් කොට ඇති අතර එම කර්මාන්ත කරුවන්ට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හරහා අවශ්‍ය මානව ශ්‍රම සම්පත් සොයා ගැනීමටද ප්‍රදර්ශන භූමිය තුළ අවකාශ සලසා දීම සිදුවෙයි.

ප්‍රදර්ශන භූමියේ සමස්ථ ප්‍රදර්ශන කුටි ප්‍රමාණය 700කට අධික වෙයි.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට දේශීය කර්මාන්තයන්හි හැඩරුව හදුනාගත හැකිවන අතර ඒ හරහා ඔවුන්ට දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්තක් , පරිචයක් ඇත්නම් ඒ වෙනුවෙන් මගපෙන්වීම්, තාක්ෂණික දැනුම ලබාදීම් , රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරදීම් මෙන්ම ප්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධ කර ගැනීමට මග පෙන්වීම්ද සිදුකෙරෙයි.

ප්‍රදර්ශනය තුළදී පාසල් සිසුන් කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරන අතර තම හැකියාවන් සහ කැමැත්ත හදුනාගෙන විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් හරහා කර්මාන්ත ව්‍යවසායකයකු වීමට අවශ්‍ය අභිප්‍රේරණයද එහිදී සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. එමෙන්ම IDB පාසල් ව්‍යවසායකත්ව කව සදහා ආරම්භය තැබීමටද නියමිත වෙයි.

කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව වාර්ෂිකව සැමරීමට නියමිත “ජාතික කර්මාන්ත දිනය” හඳුන්වාදීමටත් නියමිත වෙයි. එම ජාතික කර්මාන්ත දිනය නම් කිරීම හා සැමරීම ඔස්සේ සමාජයම කර්මාන්ත ආරම්භ කිරීමේ නැඹුරුවක් වෙත අභිප්‍රේරණය කිරීමට කටයුතු කෙරෙයි.

ප්‍රදර්ශනයට සමගාමීව දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් හොඳම කර්මාන්තකරුවන් ඇගයීමට හා ත්‍යාග ප්‍රදානය කිරීමේ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල විස්තීර්ණ හා තරඟකාරී ඇගයීම් නිර්ණායක ඔස්සේ සංවිධානය කිරීමත් සිදුකෙරෙයි.

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාර ආර්ථිකයක් කරා ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලාංකේය කර්මාන්ත ජාත්‍යන්තර මට්ටමට නංවාලීම සඳහා අඛණ්ඩ ජාතික කර්තව්‍යයක් ලෙසින් මෙම කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වීමටද සැලසුම් කොට තිබෙයි.

උත්සව අවස්ථාවේදී මෙවර Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය දක්වන ආයතන රැසක් සිය මූල්‍යමය දායකත්වය දැක්වෙන චෙක්පත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යවරුන් වෙත ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන් , කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්ම කීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු විවිධ ආයතන ප්‍රධානීන් , නිළධාරින් , කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත උපදේශක සභාවන්හි සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් , මෙරට ප්‍රමුඛ කර්මාන්ත ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

The post ” Industry 2023 ” , ජාතික කර්මාන්ත ප්රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල නිල වශයෙන් දියත් කෙරේ appeared first on ITN News.

You may also like

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

- colombogazette.com

A13-year-old Christian girl, Sania Amin, went missing on April 4 after she left home to buy groceries in Anjotar, a village in Pakistan’s Punjab province. Local eyewitnesses reported that three Muslims took her by force and dragged her through the streets. Pakistani police refused to register a “First Information Report” (FIR) for Sania’s abduction. Christian […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc