ඇමෙරිකා – දකුණු කොරියා ගිවිසුම් ගැන උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්
ඇමෙරිකා – දකුණු කොරියා ගිවිසුම් සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය වන කිම්යෝ ජෝන්ග් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
පසුගිය සතියේ දකුණු කොරියාව සහ ඇමෙරිකාව ආරක්ෂක ගිවිසුමකට එළඹුනු අතර ඒ අනුව න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීන කොරියා මුහුදේ යෙදවීමට ඇමෙරිකාවට අවසර ලැබුණා.
මේ සම්බන්ධයෙන් කිම් යෝ ජොන්ග් මෙනෙවිය ප්‍රකාශ කරන්නේ කොරියා අර්ධද්වීපයේ පැවැත්මට තර්ජනයක් වන ඕනම ක්‍රියාකාරකමකට එරෙහිව තම රට විසින් ප්‍රති ක්‍රියා දැක්වීමට කිසිවිටෙක නොපසුබට වනු ඇති බවයි.
The post ඇමෙරිකා – දකුණු කොරියා ගිවිසුම් ගැන උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.