චීන ජාත්යන්තර ” නිවුන් ” මහා සමුළුවට මෙවර ශ්රී ලංකා නියෝජනයක්
චීන ජාත්යන්තර ” නිවුන් ” මහා සමුළුව මෙම මස 04/30 දින සිට 05/03 දක්වා කාළය තුළ චීනයේ කුංමිං නුවර දී පැවැත්වෙනවා
පළමු වරට ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන් තරුණ තරුණියන් සිව් දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ කුංමිං බලා පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
පානදුර සාන්ත ජෝන් ජාතික පාසැලේ උසස් පෙළ කළා විෂය ධාරාවෙන් හදාරන 17 හැවිරිදි ජානිය බෝසර සහ ජීනුක බෝජිත එම තරුණ සිසුන් දෙදෙනායි .
මීට අමතරව රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි උමේෂි කාවින්ද්‍ය සහ උමාෂි කාවින්ද්‍ය එම තරුණ ශිෂ්‍යාවන් දෙදෙනා වනවා
The post චීන ජාත්යන්තර ” නිවුන් ” මහා සමුළුවට මෙවර ශ්රී ලංකා නියෝජනයක් appeared first on ITN News.