ඉන්ධන මිල පහළට
අද දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල ගණන් පහත හෙලීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රැපියල් 135 කින් අඩු කෙරෙනු ඇත.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රැපියල් 365ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රැපියල් 310, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රැපියල් 330, ක් වේ.
ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවේ.
The post ඉන්ධන මිල පහළට appeared first on ITN News.