මැයි රැලි නිසා කොළඹ නගරයේ අද විශේෂ රථ වාහන සැලැස්මක්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් යෙදවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (01) දින පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ද සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මුලස්ථානය විසින් උපදෙස් හා නියෝගය ලබා දී ඇත.
The post මැයි රැලි නිසා කොළඹ නගරයේ අද විශේෂ රථ වාහන සැලැස්මක් appeared first on ITN News.