අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තබා තිබෙනවා.
පේදුරුතුඩුව – මනල්කාඩු හා වල්ලිපුරම් අතර ප්‍රදේශයේදී මෙම ටිපර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බව සඳහන්.
එහෙත් එම අණ නොතැකූ ටිපර් රථයේ රියදුරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනතුරට ලක් කර පලා යාමටයි උත්සාහ කර ඇත්තේ.
එහිදී ටිපර් රථයේ පිටුපස රෝදයට වෙඩි තබා තිබෙනවා.
පසුව පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මෙම රථය බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති බවටයි.
The post අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි appeared first on ITN News.