ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි
ජාතික වෙසක් සතිය අද ආරම්භ වනවා.
වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ. මෙවර වෙසක් පෝය මැයි මස පස්වනදාට යෙදී ඇති අතර ලබන අටවනදා දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වනවා.
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීමටයි කටයුතු සංවිධාන වී ඇත්තේ. මෙය ස්වාධීන රූපවාහිනියේ විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පවයසි. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය.
The post ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි appeared first on ITN News.