අප්රේල් මාසය තුළ පාකිස්තානයේ උද්ධමනය තවදුරටත් ඉහළට
අප්‍රේල් මාසය තුළ දී පාකිස්තානයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
උද්ධමනය ඉහළ යාමත් සමග පසුගිය වසරට සාපේක්ෂව පාකිස්තානයේ පාරිභෝගික භාණ්ඩ මිල 36%ත් 38%ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
ආහාර හා බලශක්ති මිල ඉහළ යාම මෙන්ම පාකිස්තාන මුදල් ඒකකය අවප්‍රමාණය වීම හේතුවෙන් මෙලෙස උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ දී පාකිස්තානයට බලපෑ ගංවතුර හේතුවෙන් සිදු වු හානිය මෙතෙක් යථා තත්ත්වයට පත්ව නැහැ.
ඒ හේතුවෙන් දේශීය වෙළදපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් සහ මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
පාරිභෝගික භාණ්ඩ මිල වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග පාකිස්තාන මහ බැංකු පොලී අනුපාත 21%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
The post අප්රේල් මාසය තුළ පාකිස්තානයේ උද්ධමනය තවදුරටත් ඉහළට appeared first on ITN News.