විහාරාධිපති හිමියන් අවුකන විහාරයට ආරක්ෂාව ඉල්ලයි
දෙස් විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන මෙරට සුවිශේෂී ස්ථානයක් වන අවුකන රජමහා විහාරස්ථානයට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා.
අවුකන රජමහා විහාරස්ථානයට දෛනිකව විශාල පිරිසක් පැමිණෙනවා. මෙරට සැදැහැවතුන් පමණක් නොව විදෙස් සංචාරකයන් පවා විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණෙන්නේ අවුකන පිළිමයේ අපූරු නිර්මාණ හැකියාව දැකගැනීම සදහායි. ඒ හේතුවෙන්ම පසුගිය කාලයේ මෙම විහාරස්ථානයේ ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබුණා.
මේ වන විට එම පොලිස් නිලධාරීන් ඉවත් කර ඇති බැවින් විහාරස්ථානයට නිසි ආරක්ෂාව සලසන ලෙසටයි විහාරාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.
The post විහාරාධිපති හිමියන් අවුකන විහාරයට ආරක්ෂාව ඉල්ලයි appeared first on ITN News.