ණය ප්රතිව්යුහගත කිරීමට ජපානයේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසනවා.
ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුන්චි මහතා පෙන්වා දෙන්නේ ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56වන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
The post ණය ප්රතිව්යුහගත කිරීමට ජපානයේ සහාය appeared first on ITN News.