රන්, රිදී, ලෝකඩ රැඟෙන ජනනි සහ ඩයනි දිවයිනට
05 වන ඉන්දීය විවෘත පැරා මළළ ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කර රන් පදක්කමක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනූ ක්‍රීඩිකාවන් දෙදෙනා ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම ශූරතා තරගාවලිය ඉකුත් (05) සිට (07) දක්වා බැංගලෝරයේ දී දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
එහිදී ජනනි ධනංජනා මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමත් , දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් , මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.
18 හැවිරිදි ඇය කුළියාපිටිය සුරදූත බාළිකා විද්‍යාලයේ ශිෂ්‍යයාවකි .
මෙම තරගාවලියට සහභාගී වූ කුමුදිකා ඩයනි ක්‍රීඩිකාව මීටර් 100 සහ 200 ඉසව් වලින් රිදී පදක්කම් සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඇය මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි .
මොවුන් දෙදෙනා ඊයේ (08) රාත්‍රී 10.25 ට ඉන්දියාවේ බැංගලෝරයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.
ඔවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික පැරා ඔලිම්පික් සංගමයේ සභාපති කර්නල් දීපාල් හේරත් , රුහුණු විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ කීර්ති කුමාර රුහුණු විශ්ව සිසුන් පිරිසක් සහ මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
The post රන්, රිදී, ලෝකඩ රැඟෙන ජනනි සහ ඩයනි දිවයිනට appeared first on ITN News.