නිවාස විසිපන්දහසකට සූර්ය පැනල නොමිලේ ?
අඩු ආදායම් ලාභී නිවාස විසිපන්දහසකට සූර්ය පැනල නොමිලේ ලබාදීමේ ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය ලැබුණු පසු අරඹන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්තියක් එක්කිරීමට ද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
ආඩු ආදායම් ලාභී නිවාස 25,000කට සූර්ය පැනල නොමිලේ ලබාදීම අදියර දෙකක් යටතේ සිදුකිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.
පළමු අදියර යටතේ නිවාස දසදහසකට සූර්ය පැනල මගින් විදුලිය ලබාදීම අරමුණයි.
සෙසු නිවාස 15,000ට දෙවන අදියර යටතේ සූර්ය පැනල මගින් විදුලිය ලබාදීම සිදුකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා ඉදිකිරීම් ආරම්භ කර එම කටයුතු විවිධ හේතූන් මත අතරමග නතර කර දැමූ නිවාස සංඛ්‍යාව 69,000ක්.
ඒ අතරින් තෝරා ගත් නිවාස 25,000ක් සදහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.
එම නිවාසවල වැඩ අවසන්කර වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20ක විදුලියක් උත්පාදනය කෙරෙනු ඇති.
එම විදුලිය නිවාසවල භාවිතයට අමතරව ජාතික විදුලිබල පද්ධතියට ද එක්කෙරෙන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ.
The post නිවාස විසිපන්දහසකට සූර්ය පැනල නොමිලේ ? appeared first on ITN News.