How can Sri Lankan charities find international donors and partners?

කාලීන සංවර්ධන අවශ්යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

- itnnews.lk

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණපනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියා.

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර,නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්  සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා  කෙරුණා.

ඉඩම් කොමිෂන් සභාවක් හරහා පළාත් සභා යටතේ පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත්, ග්‍රාමසේවා වසම් මට්ටමින් පවතින ඉඩම්වල හිමිකරුවන්ගේ විස්තර සහ එම ඉඩම් වලින් දැනට ප්‍රයෝජනයට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණයහඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරින්ට උපදෙස් දුන්නා.

රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවිසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්වල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක , සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.බී.පී.හේරත්, වන සම්පත් හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වුණා.

 

The post කාලීන සංවර්ධන අවශ්යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

- adaderana.lk

A derailment between Pothuhera and Kurunegala railway stations has reportedly delayed train services on the main line.

- island.lk

United States of America, the No. 19 ranked cricket team in T20Is, shocked Bangladesh, the ninth ranked team in the world, with a five-wicket victory in Texas. More impressively, the hosts dominated most of the proceedings, as they took a 1-0 lead in the three-match series, picking up their second win against a Full Member […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 22 May 2024 by the Department of Meteorology The Southwest monsoon conditions are gradually establishing over the island; hence, the prevailing showery and windy conditions will continue further. Cloudy skies can be expected over most parts of the island. Showers or thundershowers will occur at times in Western, […]

- adaderana.lk

The Meteorology Department says that Southwest monsoon conditions are gradually establishing over the island and hence the prevailing showery and windy conditions will continue further.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc