අද දවසේ යුතුකම් ඉටුකර තවත් වසර 25කින් ශ්රි ලංකාව පිළිබඳ ආඩම්බරයෙන් කතා කරන්න

- itnnews.lk

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් මේ රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එය මෙතෙක් ලොව කිසිඳු රටක සිදු නොවුවක් බව ද අවධාරණය කළේය.

තරුණ පරපුර ඉල්ලා සිටි ක්‍රම වෙනස මෙය වන අතර එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීහු සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරි පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද මෙහිදී දහස් දැක්වූහ.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සදහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුව සදහා ආරාධනා කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය,

අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක වන්නේ.

පාර්ලිමේන්තු කොමිටියකට, ඇමරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගිවිය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාව සැලසී තිබෙනවා.

අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට කොමිටියේ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව ඔබේ අදහස්ද එහි ඇතුළත් කිරීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දකින්නේ සභාගර්භයේ ඇතුලේ වාද විවාද කරන එක, ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක විතරයි. එහෙත් අද ඕනෑම පාර්ලිමේන්තුවක කටයුත සිදු වන්නේ කමිටු මාර්ගයෙන්. අධික්ෂණ කමිටු, මුදල් කමිටු ලෙස කමිටු ගණනාවක් තිබෙනවා.

අපි මුදල් අනුමත කරනවා නම් එම මුදල් වියදම් කිරිම පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන්න අධීක්ෂණ කමිටු තිබෙනවා, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කමිටු වගේ කමිටු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සභාගර්භයට ඇතුල් වි කථා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හා ආලින්දයට පැමිණීම හැර අනිත් සියලු කටයුතුවලට ඔබට සහභාගිවීමට අවස්ථාව තිබෙනවා. මෙය ලෝකයේ පළමු වතාවටයි සිදුව තිබෙන්නේ.

අපි මේ වැඩසටහන ආරම්භ කරද්දි ඇතැම් අය කිව්වා මේක මහා බොරු වැඩක්, කාලය නාස්ති කරන වැඩක් කියලා. ඇතැමුන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මොකක්ද කියලා. එහෙත් පිරිසක් බය නැතිව තමන්ගේ නම් ඉදිරිපත් කළා. ඒ අයගෙන් තමයි හොඳම 535 දෙනා අපි මේ සඳහා තෝරගෙන තිබෙන්නේ.

ඔබ සියලු දෙනා මේ සඳහා සහභාගී වී මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පසුව අනිත් පිරිසත් අපිට මේ සඳහා තෝරාගත හැකියි. මෙම නියෝජිතයන් තෝරා ගැනීම මෙවර ගැටලුවක් නොවුවත් දහස් ගණනක් අතරින් මෙම පිරිස තෝරාගැනීම ඉදිරියේ දී විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මෙම වැඩසටහන් සඳහා තමයි අපි අපේ අවධානය යොමු කළ යුතු වන්නේ.

ඔබට අද මෙම අවස්ථාව ලැබී තිබෙනවා. කිහිප දෙනෙකුට පමණයි ඉතිහාසයේ මෙම අවස්ථාව ලැබුණේ. මම වාසනාවන්ත වුණා වයස අවුරුදු 28 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිකමක් ලබාගැනීමට. ඊට පෙර එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග පාර්ලිමේන්තුවට පැමිණි නිසා පාර්ලිමේන්තුව කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියා අපට දැනගැනීමට පුළුවන් වුණා. එහෙත් බොහෝ දෙනෙකුට එම අවස්ථාව ලැබී නැහැ. අද එම අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. එයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න කියා මම කියන්න කැමතියි.

පසුගිය වසරේ විශාල කැළඹීමක් මේ රටේ තිබුණා. එම අවස්ථාවේ දී තමයි මම හිටපු කථානායක කරූ ජයසූරිය මැතිතුමා සමග සාකච්ඡා කළේ මොකක්ද මෙයට අපි ලබාදෙන පිළිතුර කියලා. මෙයට පෙර කෑ ගහපු එකකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 225ම දියවන්නා ඔයට දාන්න කිව්වා. එහෙම කළානම් වෙන්නේ පරිසරයට හානියක් වෙන එක විතරයි. කොහොමත් අනිත් පක්ෂවලින් තව 225ක් මෙතනට දානවා. ඒ නිසා එය ඇත්ත වශයෙන්ම විසඳුමක් නොවෙයි. ගෙවල් ගිනි තියන එකත් විසදුමක් නොවෙයි. පාර්ලිමේන්තුව වට කරලා අල්ල ගන්න හදන එකත් විසඳුමක් නොවෙයි.

එදා ප්‍රශ්න තිබුණා. ඇයි අපි බංකොළොත් රටක් බවට පත් වුණේ. අපේ ආර්ථිකයට මොකක්ද වුණේ. ඒ ප්‍රශ්න ඇසීමට සිදු වෙනවා. මම කුඩා කාලයේ ලංකාව ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අපි අද කොතනද ඉන්නේ. ඒ අනුව තමයි අපි කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා මමත්, කරු ජයසුරිය මැතිතුමත් එක්ව සාකච්ඡා කළේ. එතුමා තමයි පසුව මට කතා කරලා කිව්වේ අපි අධීක්ෂන කාරක සභා සහ අනිකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් ඇතුළත් කරමු කියලා. මම කිව්වා ඒ ගැන මට වාර්තාවක් දෙන්න කියලා. මම ඒක කතානායකතුමාටත් දුන්නා. පක්ෂ නායකයන් ගත්තත්, කැබිනට් මණ්ඩලය ගත්තත් දැන් ඔබ සියලුදෙනා මීට ඇතුළත් වී තිබෙනවා. අපි එතුමාට විශේෂයෙන්ම ස්තුති කළයුතුයි මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව.

මම හිතන්නේ නැහැ ඔබට මේ ලැබී තිබෙන අවස්ථාව වෙන කිසිවෙකුට ලැබෙයි කියලා. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොළොත් වෙලා මේ ක්‍රමවේදය සමග තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි කියලා සිතුන අවස්ථාවක විශාල ප්‍රතිව්‍යුහගත කිරිමක් කරනවා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවා, වියදම් අඩු කරනවා, අලුත් ක්‍රමවේද එනවා. දැන් මිල සුත්‍රවලින් තමයි ඉන්ධන ලබා දීම සිදු වන්නේ. ඒ සමඟම අපේ සංස්ථා ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන සිතන්න තිබෙනවා.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ නිති 05ක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන නීති 03ක්, 04ක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තවත් නව නිති ගණනාවක් තිබෙනවා. එසේනම් මේ පිළිබඳ සාකච්ඡා කිරිමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
ඔබ කොහොමද මුදල් වියදම් කරන්නේ, ඇයි මේ විෂයට මුදල් ලබා දුන්නේ, ඇයි අනිත් විෂයයන්ට මුදල් ලබා නොදුන්නේ මේ සියල්ල ඔබට දැන ගන්න පුළුවන්. ඔබට උදව් කිරිමට දැනට පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු අය වැය කාර්යාලය කියලා අලුත් එකක් අපි ඇති කරනවා. අනිකුත් අමාත්‍යාංශවලිනුත් සහාය ලබාගත හැකියි. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රයක් බවට පත්කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. එසේනම් ඔබට අවස්ථාව තිබෙනවා මෙයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගැනිමට.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ලෙස, සභාපතිවරු ලෙස අපිට එම වැඩකටයුතු කිරීමට තිබෙනවා. අපි සෑම අවස්ථාවකම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙය මත ගැටුමක් බවට පත්කරගත්තේ නැහැ. සමහර විට පක්ෂ ගැටුමක් වුණා, මන්ත්‍රී ගැටුමක් වුණා. අපි දැන් මෙය මත ගැටුමක් බවට පත්කරගත යුතුයි. මේ අධීක්ෂණ කාරක සභාවේ සභාපත්වරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් යුතුකමක් තිබෙනවා එම රැස්වීම් පැවැත්වීමට, ඒ වගේම ඒවට සහභාගී විමට. එදිනෙදා කටයුතු පිළිබඳ පමණක් නොවෙයි, ඒ වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළයුතුයි.

මම කථානායකතුමාට යෝජනා කරනවා සෑම මාසයකම මේ කමිටු රැස් විය යුතුයි. රැස් වීමට නොහැකි වුවහොත් ඒ සභාපතිවරයාගෙන් කරුණු විමසිය යුතුයි කියලා. මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැත්නම් එය සොයා බැලිය යුතුයි. මාස දෙකක් පමණ එය සිදුවන්නේ නැත්නම් ඒ අය මාරු කරන්න. නැත්නම් මේ පිරිසට තිබෙන අවස්ථා අහිමි වෙනවා.

මෙම ලැබී ඇති අවස්ථාවෙන් ඔබ සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න. මෙය ඓතිහාසික අවස්ථාවක්. පළමු වතාවටයි පාර්ලිමේන්තුවක් මෙලෙස නියෝජිතයන් පත් කරන්නේ. මෙය කොතැනකවත් සිදු වී නැහැ.

අපේ පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තුවක්. එහි අතීතය 1835 දක්වා දිව යනවා. අපිට වඩා පැරණි පාර්ලිමේන්තු කීයද තිබෙන්නේ, එංගලන්තයේ තිබෙනවා, ඇමරිකාවේ තිබෙනවා, ඩෙන්මාර්කයේ, ස්විස්ටර්ලන්තයේ තිබෙනවා.

මේ පාර්ලිමේන්තුවේ විවිධ වැඩසටහන් සිදු කර තිබෙනවා. අද තිබෙන්නේ අලුත් ක්‍රමවේදයක්. මේ පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු කණ්ඩායමටත් දැනුම් දීලා ඒ අයටත් එන්න කියන්න පුළුවන්. ඒ වගේම මම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් දැනුම් දෙනවා, යුරෝපීය පාර්ලිමේන්තුවෙන්, ඇමරිකාවෙන් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට අපට සහාය ලබාගත හැකියි. ඒ වගකිම් ඔබට ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ තරුණ නියෝජිතයන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරගෙන යන්න. අපි මෙතනින් මේ වැඩකටයුතු අවසන් කරන්නේ නැහැ. අපි කොහොමද සංවර්ධිත රටක් බවට පත්වන්නේ. හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න බැහැ.රටට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ සඳහා හොද ආර්ථිකයක් තිබෙන්න ඕන, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා ඔබේ අදහස් ලබාදෙන්න.

විශේෂයෙන්ම කරූ ජයසූරිය මැතිතුමා ජන සභා පනත ගෙන එනවා සෑම ග්‍රාමසේවා කොට්ටාසයකම ජනසභාවක් ඇති කිරීම සදහා. එමගින් තරුණ තරුණියන්ට සහභාගිවිය හැකි තවත් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. යොවුන් පාර්ලිමේන්තුව සදහා තේරීම් බොහෝ දුරට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමින් තරුණ සංවිධාන සියල්ලම එකතු කරගෙන එම තේරිම් සිදුකිරීම පිළිබඳ ජාතික තරුණ සේවා සභාව දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

තවත් නව පියවර ගණනාවක් තිබෙනවා. මෙම ක්‍රමවේදය වෙනස් කළයුතුයි. එය සිදු කළ හැක්කේ ව්‍යවස්ථාව අනුවයි. ඊළග පාර්ලිමේන්තුව පත්වන තුරු බලා නොසිට දැන් අවස්ථාව තිබෙනවා එකට එකතුවී මේ වැඩකටයුතු සිදු කිරීමට. එසේනම් මේ අභියෝගය අපි භාර ගනිමු. ඒ සඳහා සාර්ථක විසඳුම් ලබා දෙමු. තවත් වසර 25කින් ඔබ සියලුදෙනාට කිව හැකියි අපි ගත් පියවර නිසා තමයි අද ලංකාව දියුණු රටක් බවට පත්ව තිබෙන්නේ කියලා.

 

The post අද දවසේ යුතුකම් ඉටුකර තවත් වසර 25කින් ශ්රි ලංකාව පිළිබඳ ආඩම්බරයෙන් කතා කරන්න appeared first on ITN News.

You may also like

- adaderana.lk

The National Dengue Control Unit (NDCU) says that the number of high-risk dengue zones have increased due to the prevailing rainy weather conditions in the country.

- adaderana.lk

Minister of Education, Susil Premajayantha, announced that the G.C.E. Ordinary Level (O'L) and Advanced Level (A'L) examinations will be expedited to facilitate faster university enrollment for students.

- onlanka.com

Sri Lanka’s Foreign Minister Ali Sabry, currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries, held a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov on June 10, 2024.The post Sri Lankan Foreign Minister Ali Sabry meets Russian Foreign Minister Sergey Lavrov appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri ...

- news.lk

Foreign Minister Ali Sabry who is currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries had a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov yesterday (10).

- news.lk

Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena stressed the necessity of adhering to the loan agreements with the International Monetary Fund (IMF) until 2028 while formulating the budget for the upcoming year 2025, regardless of the governing administration.

- news.lk

President Ranil Wickremesinghe, currently in New Delhi, held a meeting yesterday (10) with Indian Senior Minister Dr. S. Jaishankar. During the meeting, Mr. Jaishankar addressed the swift resumption of development projects initiated in Sri Lanka with Indian investments, which had been halted midway.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc