ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟයට ශ්රී ලංකා මූලික සංචිතය නම් කෙරේ
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා 30 දෙනෙකුගෙන් සමන්විත මුලික සංචිතයක් නම්කර තිබෙනවා.
සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලිය හා ඇෆ්ගනිස්තාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට ක්‍රීඩකයින් 30 දෙනෙකු ඇතුලත්.
පිතිකරුවන් 7 දෙනෙකු, වේග පන්දු යවන්නන් 9 දෙනෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයින් 8 දෙනෙකු සංචිතයට ඇතුලත් බවයි වාර්තා වන්නේ. දග පන්දු යවන්නන් 3න් දෙනෙකු හා කඩුලු රකින්නන් 3 දෙනෙකු ද සංචිතයට ඇතුලත්.
ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීර ද මාස 7 කට පසු ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. වසර දෙකකට පසු කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයට කැදවා ඇති අතර ඇන්ජලෝ මැතිවුස් ද මුලික සංචිතයට ඇතුලත්.
මතීෂ පතිරණ, දුෂාන් හේමන්ත, ලක්ෂාන් සදකැන් හා ලසිත් කෲස්පුල්ලේ ද සංචිතයට ඇතුලත්ව සිටින බවයි වාර්තා වන්නේ. 30 දෙනෙකුගෙන් සමන්විත මෙම මුලික සංචිතයෙන් ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා තෝරා ගනු ඇති.
The post ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟයට ශ්රී ලංකා මූලික සංචිතය නම් කෙරේ appeared first on ITN News.