යුක්රේනයට අවශ්ය යුද උපකරණ ලබා දීමට සුදානම් බව ප්රංශය පවසයි
යුක්රේනයට අවශ්ය යුද උපකරණ හා යුද ටැංකි ලබා දීමට සුදානම් බව ප්‍රංශය පවසනවා.
යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ප්‍රංශයේ සංචාරයක නිරත වනවා. ලොව බොහෝ දෙනෙක් නොසිතු මොහොතක යුක්රේන ජනාධිපතිවරයා ප්‍රංශයට පැමිණියේ ඊයේ දිනයේදීයි. සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහතික වී ඇත්තේ යුක්රේනයට අවශ්ය යුද ආධාර ලබාදීමට සුදානම් බවයි. මේ අතර ඩොලර් බිලියන 3ක් වටිනා ආධාර යුක්රේනයට ලබාදීමට තමන් ද සුදානම් බව ජර්මනිය ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රංශ ආධාර පිළිබදව දෙරටේ නායකයන් අද ඒකාබද්ධ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතයි.
The post යුක්රේනයට අවශ්ය යුද උපකරණ ලබා දීමට සුදානම් බව ප්රංශය පවසයි appeared first on ITN News.