දකුණු අප්රිකාවේ පාසල් සිසුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුටම කියවීමේ අපහසුතා
දකුණු අප්‍රිකාවේ වයස අවුරුදු 10ක් වන සෑම පාසල් සිසුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුටම කියවීමේ අපහසුතා පවතින බව අනාවරණය වී තිබෙනවා.
ළමුන් ලක්ෂ 4ක් යොදා ගනිමින් කියවීමේ හැකියාව සම්බන්ධයෙන් සිදුකළ ජාත්‍යන්තර අධ්‍යනයකිනුයි මේ බව හෙළිව ඇත්තේ.
රටවල් 57ක් මෙම අධ්‍යනය සදහා යොදා ගත් අතර දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ එහි අවසන් ස්ථානයයි.
කෙසේ වුවද කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීමත් සමග එම තත්ත්වය උග්‍ර අතට හැරුණු බවයි දකුණු අප්‍රිකා රජය සදහන් කරන්නේ.
දකුණු අප්‍රිකාවේ අධ්‍යාපන පද්ධතියේ දුර්වලතා / දරිද්‍රතාව / අසමානතාවය හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ද මීට හේතුවී තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ නිළ භාෂා 11ක් පවතින අතර එරට ළමුන්ගෙන් 81%කට එම කිසිදු භාෂාවක් කියවීමේ හැකියාවක් නැහැ.
The post දකුණු අප්රිකාවේ පාසල් සිසුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුටම කියවීමේ අපහසුතා appeared first on ITN News.