හැටන් නගරයටම මදුරු කීටයන් බෝ කිරීමට නගර සභාව පියවර ගනී
හැටන් නගර සභා බල ප්‍රදේශයේ දිනපතා බැහැර කරන කැලි කසල නගර සභාවේ සේවකයින් විසින් හැටන් නගර සභාවට අයත් ඉඩමක අවිධිමත් ලෙස බැහැර කිරිම හේතුවෙන් මදුරු කීටයන් බෝ විමේ දැඩි අවධානමක් පවතින බව ප්‍රදේශවාසින් පවසයි.
හැටන් දික්ඔය නගර සභාව සතුව තිබු තනායම මිට වසර කිහිපයකට ප්‍රථම ගිනිගෙන විනාශ විමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවට කැලි කසල බැහැර කිරිමට ඉඩමක් නොමැති විම හමුවේ නගර සභාවේ සේවකයින් විසින් දිනපතා තනායම පිහිටා තිබු ඉඩමට කැලි කසල ප්‍රවාහනය කර අවිධිමත් ලෙස බැහැර කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
උඩරට දුම්රිය මාර්ගයට ඉතා ආසන්නව සහ හැටන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි තනායම් ඉඩමට මෙසේ කැලි කසල බැහැර කිරිම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත්, ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක්ද හමන බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.
තවද ඉහල කන්දක එම ඉඩම පිහිටා ඇති නිසා බැහැර කරන කැලි කසල වලින් බැහැර වන දුගන්ධය සහිත ජලය ප්‍රධාන මාර්ගය හරහා තේ වත්තට ගලා යාම නිසා වතු කම්කරුවන්ද දැඩි පිඩාවට පත් වි ඇති බවත්, තේ වත්ත දිගේ ගලා යන දුගන්ධය සහිත ජලය හැටන්ඔයට ගලා බසින බව ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.
The post හැටන් නගරයටම මදුරු කීටයන් බෝ කිරීමට නගර සභාව පියවර ගනී appeared first on ITN News.