ජාතික රණවිරු සැමරුම් උත්සවය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී
දශක තුනක් පුරාවට පැවති බිහිසුනු එල්ටීටීඊ ත්‍රස්තවාදය මව්බිමෙන් අතුගා දමා රණවිරුවන් අත්කර දුන් විජයග්‍රහණයට අදට වසර 14 ක් සපිරෙනවා.
14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්වුණා.
LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 14 ක් සපිරෙන අද දිනයේ යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීරණය අභියස රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය චාම් හා අභිමානවත් අන්දමින් පැවැත්වුණා.
දශක තුනකට අධික කාලයක් රටට සහ ජනතාවට දැඩි පීඩාවක් ගෙනදෙමින් ක්‍රියාත්මක වූ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුළුමනින්ම මව්බිමෙන් අතු ගා දමන්නට ගෙන ගිය අභීත සටනේදී යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා විරුවන් විසිඅටදහස් හයසිය දහනව දෙනෙකු මව්බිම වෙනුවෙන් තම ජීවිත පූජා කළා.
රණවිරු සැමරුමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් අයුරින් පිළිගත්තා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද රණවිරු සැමරුම් උත්සවයට එක්වුණා.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. කතානායකවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම මැති ඇමතිවරුන් ද පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණා.
මානුෂීය මෙහෙයුමේදී ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් හමුදාපතිවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වි සිටියා.
The post ජාතික රණවිරු සැමරුම් උත්සවය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී appeared first on ITN News.