කැනඩා - ශ්රී ලංකා මතගැටුම දුරදිග යයි ද?
කැනඩාවේ පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට ශ්රී ලංකාව සිය දැඩි විරෝධය පළ කිරීමත් සමග මෙය දෙරට රාජ්යතාන්ත්රික ගැටළුවක් නිර්මාණය කරමින් ඇත.