චෙන්නායි සුපර් කිංග්ස් අවසන් මහා තරගයට
ඉන්දීය ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ ගුජරාට් ටයිසන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 15 කින් ජය ගනිමින්.
චෙන්නායි හි දී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 157 ක් පමණයි.
දීපාක් චහල්, මහේෂ් තීක්ෂණ, රවීන්ද්‍ර ජඩේඩා හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ චෙන්නායි කණ්ඩායම ඉන්දීය ප්‍රමියර්ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
The post චෙන්නායි සුපර් කිංග්ස් අවසන් මහා තරගයට appeared first on ITN News.