ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 06ක මිල පහත දමයි
ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබෙනවා
ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030ක්.
වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක් වනවා
රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325ක්
සෝයා මීට් (තොග) කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660ක්.
ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129ක්
සුදු සීනි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 239ක් බවද ලංකා සතොස ආයතනය ප්‍රකාශ කළා
මෙම මිල පහත දැමීම අද (24) දින සිට පාරිභෝගිකයින්ට හිමිවන වනවා
The post ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 06ක මිල පහත දමයි appeared first on ITN News.