කොළරා වසංගතයෙන් දකුණු අප්රිකාවේ පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාව තුළ පැතිර යන කොළරා වසංගතය හේතුවෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ගව්ටෙන්ග් පළාතෙන් කොළරා රෝගීන් හතළිස් එක් දෙනෙකු වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ගව්ටෙන්ග් පළාත දකුණු අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වාසය කරන පළාත වන අතර සියලු මරණ වාර්තා වන්නේ ද එම පළාතෙන් වීම විශේෂත්වයක්.
පිරිසිදු පානීය ජලය ලබාදීමට රජය අපොහොසත්වීම හරහා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට ජනතාව චෝදනා කරනවා.
කොළරා රෝගය වැළදී ඇති බවට තහවුරු වූ පිරිසට අමතරව තවත් සිය දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්.
The post කොළරා වසංගතයෙන් දකුණු අප්රිකාවේ පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.