කළු ගඟේ මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
මහා පරිමානයෙන් කළු ගඟේ පතල් කැනීම් කරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
නීති විරෝධීව සංවිධානාත්මක පිරිසක් කළුගගේ පතල් කැනම් සිදු කරන බවට තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කදවුරේ නිලධාරීන්ට ලැබී තිබුණා.
ඒ අනුව රත්නපුර, කහන්ගම බලිබත්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම බලකාය සදහන් කළේ. උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර කාර්යාලයට භාරදීමටයි කටයුතු කෙරුණේ.
The post කළු ගඟේ මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.