5 වැනි වරටත් IPL ශුරතාවය චෙන්නායි කණ්ඩායමට
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් ලබා ගනිමින් චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායම 5වන වරටත් IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
ඒ අනුව අවසන් මහා තරගයෙන් පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කරමින් මෙම ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගැනීමට සමත් වුණා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා.
පසුව තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට ලබා දෙමින්. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
The post 5 වැනි වරටත් IPL ශුරතාවය චෙන්නායි කණ්ඩායමට appeared first on ITN News.