මයික්රොසොෆ්ට් සමාගමට ඩොලර් මිලියන 20ක දඩයක්
ළමා රහස් සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගමට ඇමෙරිකා ඩොලර් මිලියන 20ක දඩයක් ගෙවීමට සිදුව තිබෙනවා.
මයික්රොසොෆ්ට් සමාගමට අයත් එක්ස්බොක්ස් ගිණුම් ඇති දරුවන්ගේ දත්ත නීති විරෝධි ලෙස සමාගම සතුව තබා ගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇමෙරිකාවේ ෆෙඩරල් නියාමකයන්ට මෙම දඩ මුදල ගෙවීමට සිදුව තිබෙනවා.
එමෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම දරුවන්ගේ දත්ත තම සමාගම සතුව පවත්නා බවට දෙමාපියන්ට දැනුම් දීමක් සිදු නොකර ඇති බව ද හෙළිව තිබෙනවා.
The post මයික්රොසොෆ්ට් සමාගමට ඩොලර් මිලියන 20ක දඩයක් appeared first on ITN News.