සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි
මොරටුව පොලිස් වසමේ ලේඩිසොයිසා පාර,ලුනාව ප්‍රදේශයේ සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරියන් වයස අවුරුදු 23,43හා 50 යන වයස්වල පසුවන දෙහිවල ,කිරුළපන හා පානදුර ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
සැකකාරියන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි appeared first on ITN News.