ජපානයේ Sri Lanka Festival හිදී අපේ රටේ තැඹිලි වලට හොඳ ඉල්ලුමක්
ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වුණා.
ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කොට ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණා.
ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නරඹන්නට ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්වූ අතර ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් පවතිනු දැකගත හැකිවුණා.
එහිදී සුවිශේෂී ලෙස ශ්‍රී ලාංකේය තැඹිලි වෙනුවෙන් ජපන් ජාතිකයන් අතර විශාල ඉල්ලුමක් පවතිනු දැකගත හැකිවූ අතර එය මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයින් හට බෙහෙවින් සුබදායී පුවතක් වනු ඇත.
මෙම උත්සවය සාර්ථක කරගැනීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, වාහන අපනයන කරුවන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය නොපිරිහෙලා ලැබී තිබුණු අතර මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලාංකික සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියා.
The post ජපානයේ Sri Lanka Festival හිදී අපේ රටේ තැඹිලි වලට හොඳ ඉල්ලුමක් appeared first on ITN News.