කිලිනොච්චියෙන් සහ යාපනයෙන් මළසිරුරු දෙකක් හමුවෙයි
යාපනය පේදුරුතුඩුව සහ කිලිනොච්චිය සෙල්වපුරම් ප්‍රදේශයන්හි තිබී මළසිරුරු දෙකක් ඊයේ (07) සවස හමුවූ බවට ප්‍රදේශයන් භාර පොලීසිය පවසයි.
කිලනොච්චිය සෙල්වපුරම් පුදුකුලම් වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් ඊයේ දින සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවා.
මෙම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගේ පියෙකුයි.
මේ අතර පේදුරුතුඩුව අල්වායි මවිලංකඩි මාර්ගයේ තිබූ මළසිරුරක් ප්‍රදේශවාසියෙකු දැක ඒ පිලිබඳව පේදුරුතුඩු පොලීසියට දැනුම් දී තිබෙනවා.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් හදීසි අසනීප තත්වයකින් මිය යන්නට ඇතැයි සැකපල කරන බවටද පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ පේදුරුතුඩු වේදාර්වලවු ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙකුයි.
අදාල මළසිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය සහ පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.
The post කිලිනොච්චියෙන් සහ යාපනයෙන් මළසිරුරු දෙකක් හමුවෙයි appeared first on ITN News.