නියැන්ඩර්තාල් මානවයාගේ ජාන නූතන මානවයාගේත් තිබෙන බව හෙළි වෙයි
නියැන්ඩර්තාල් මානවයාගේ ජාන නූතන මානවයාගේ ද සැලකිය යුත් මට්ටමක තිබෙන බව පරීක්ෂණයකින් හෙළි කර ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ සුදු ජාතිකයින් පිරිසක් යොදාගෙන සිදු කළ පරික්ෂණයකිනුයි මේ බව හෙලි ව තිබෙන්නේ.
ඒ අනුව නූතන මිනිසාගේ ජානවලින් සීයයට 1 ත් 4 ත් අතර ප්‍රමාණයක් නියැන්ඩර්තාල් මානවයාගේ ජාන තිබිය හැකි බව හෙලි කරගෙන තිබෙනවා.
නියැන්ඩර් තාල් මානවයා ප්‍රාග් ඓතිහාසික යුගයේ වසර දෙලක්ෂ පනස් දහසකට පෙර ජීවත් වූවන් වන අතර ඔවුන්ගේ විකාශය වසර 50,000 ක් දක්වා සිදු වුණා.
නියැන්ඩර්තාල් මානවයා බිහිවීම අප්‍රිකාවෙන් සිදුවී ඇති අතර පසුව ඔවුන් යුරෝපය සහ ආසියාව දෙසට සංක්‍රමණය වී තිබෙනවා.
The post නියැන්ඩර්තාල් මානවයාගේ ජාන නූතන මානවයාගේත් තිබෙන බව හෙළි වෙයි appeared first on ITN News.