මෙරට අත්කම් නිෂ්පාදන සඳහා ජපානයේ ඉහළ ඉල්ලුමක්
මෙරට ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන හා අත්කම් නිෂ්පාදන සදහා ජපානයේ ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.
ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවය පසුගිය දා පැවැත්වුණා.
එය නැරඹීමට ජපන් වැසියන් මෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියා.
ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම හා සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි ජපන් ජාතිකයින් ආකර්ෂණය කර ගැනිමේ අරමුණ ඇතිවයි එය සංවිධාන කර තිබුණේ.
මෙහිදි ශ්‍රී ලාංකික ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සහ අත්කම් නිෂ්පාදන මිල දී ගැනීමට ජපන් ජාතිකයින් දැඩි උනන්දුවක් දැක්වු අයුරු දක්නට ලැබුණා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා හා කමගායා නගරාධිපති ශිවෝතා හිරෝමි යන මහත්ම මහත්මින් ද මීට එක්ව සිටියා.
The post මෙරට අත්කම් නිෂ්පාදන සඳහා ජපානයේ ඉහළ ඉල්ලුමක් appeared first on ITN News.