ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්රභ කෙරේ
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට ගොණු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරුණා.
ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ.බී ගුරුසිංහ, ලේකම් එච්.කේ.හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් මෙම පෙත්සම ගොණු කර තිබුණා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මහතා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සදහා ඉකුත් මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි. පාර්ලිමේන්තුවේ අයවැය ප්‍රකාශය තුළින් ද මේ සදහා අනුමැතිය ලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ. බ්‍රිතාන්‍ය ඇතුළු ලොව ප්‍රධාන රටවල් ගණනාවක්ම විදුලි සංදේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවද ඒ මහතා පැවසුවා.
ටෙලිකොම් ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන බව පවසමිනුයි අදාළ පෙත්සම් ගොණු කර තිබුණේ.
The post ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්රභ කෙරේ appeared first on ITN News.