දික්වැල්ලේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී
දික්වැල්ල වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ සිදුකළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ ගිනි අවිය සොයාගෙන තිබෙනවා.
ව්‍යාජ අංක තහඩු සහිත මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ දික්වැල්ල රත්මලේ ප්‍රදේශයේ සඟවා තිබියදියි.
විශේෂ කාර්ය බලකාය මගින් වැටලීම සිදුකළා.
පසුගිය 13 වනදා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා.
පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ෂණවලදී හෙළි වුණා.
විශේෂ කාර්ය බලකාය පවසන්නේ මෙහි සැකකරු දකුණේ ප්‍රධාන අපරාධකල්ලි සාමාජිකයෙකු වන වලස්ගල සුපුන් බුද්ධික යන අය බවයි.
ඔහුගේ මෙහෙයවිම මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසනවා.
සැකකරුවන් පැමිණි වාහනය සහ ගිනි අවිය වැඩිදුර විමර්ශන සඳහා දික්වැල්ල පොලිසිය වෙත භාර දී තිබෙනවා.
The post දික්වැල්ලේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී appeared first on ITN News.