ප්රංශ ජනපතිගේ ඇරයුමෙන් ජනපති රනිල් ප්රංශයට
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා මෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියා.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්වන්නේ.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුව පැරිස් නුවරදී ආරම්භ කිරීමට නියමිතයි. ඊට සහභාගී වන ලෙසට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනා කළා. ඒ අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරය ආරම්භ කළේ.
මේ අතර ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමකරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් වැඩබලන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. එමෙන්ම තාක්ෂණ අමාත්‍ය ධුරයේ වැඩබැලීම සදහා කනක හේරත් මහතා ද, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතා ද පත් කෙරුණා.
The post ප්රංශ ජනපතිගේ ඇරයුමෙන් ජනපති රනිල් ප්රංශයට appeared first on ITN News.