අයගම ඝාතනය
අයගම මුණිහින්කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස අසලදී තම පුතා ඝාතනය කර ඇති බවට ඊයේ (17) උදෑසන අයගම පොලිස් ස්ථානයට එම මියගිය පුද්ගලයාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය තැනැත්තා මුණිහින්කන්ද – ගවරගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක තරුණයෙක්.
මෙම තැනැත්තා විවාහයෙන් වෙන්වී තනිවම නිවසේ පදිංචිව සිට තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුගේ මව එම නිවසට ගොස් ඇති අතර එහිදී මෙම මරණකරු කැපුම් තුවාල සහිතව නිවස අසල වතුර කරාමයක් ආසන්නයේ වැටී සිටිනු දැක තිබෙනවා.
මෘත දේහය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අදාල මරණය සිදුවූ ස්ථානයේ ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
අපරාධය සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
The post අයගම ඝාතනය appeared first on ITN News.