එජාප ආසන බල මණ්ඩල කිහිපයක් පක්ෂ ප්රධානීන්ගේ සහභාගීත්වයෙන්
එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල කිහිපයක් පක්ෂ ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂ මාවතගම ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුනේ පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මාවතගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ රනිල් එදිරිමාන්න මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීම පුත්තලම නගර සභාවේ දී පැවැත්වුනේ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
එය සංවිධාන කර තිබුණේ පුත්තලම එක්සත් ජාතික පක්ෂ සංවිධායක මෝසස් ජෙසුදාසන් මහතායි.
එක්සත් ජාතික පක්ෂ අක්මීමන ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුනේ පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මාධ්‍යයට අලුත් නීතිරිත අවශ්‍ය බවත් ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒම වරදක් නොවන බවත් ඒ මහතා මෙහිදි කියා සිටියා.
The post එජාප ආසන බල මණ්ඩල කිහිපයක් පක්ෂ ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් appeared first on ITN News.