ඉන්දියාවේ චෙන්නායි නගරයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්
ඉන්දියාවේ චෙන්නායි නගරයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
චෙන්නායි කන්චීපුරම්, තිරුවලුර් හා චෙන්ගල්පට්ටු යන ප්‍රදේශයන්ට අද උදෑසන දැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඒ සමගම ප්‍රදේශයේ පාසල් තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. චෙන්නායි ගුවන්තොටුපළට පැමිණෙමින් තිබු ජාත්‍යන්තර ගුවන් යානා 6ක් බැංගලූර් ගුවන්තොටුපළට හරවා යවා ඇති බව ද සදහන්.
එමෙන්ම ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. අද උදෑසන 5.30 වන විට චෙන්නායි නගරයට මිලි මීටර් 137 ඉක්ම වු තද වැසි ලැබී ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ. පසුගිය දින කිහිපය පුරා එම ප්‍රදේශයන්ට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑමෙන් එල්ල වුණා.
The post ඉන්දියාවේ චෙන්නායි නගරයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.