වෛද්ය නිමල් කරුණාසිරි මහතා අභාවප්රාප්ත වෙයි
දේශීය වෛද්‍ය විද්‍යාවට පුරෝගාමී මෙහෙවරක් සිදුකළ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 62වන වියේ පසුවුණා.
නිමල් කරුණාසිරි මහතා දේශීය වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ලෙස දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගේ අයිතින් වෙනුවෙන් අසූව දශකය තුළ කැපී පෙනෙන මැදිහත් වීමක් සිදුකළා. දේශීය වෛද්‍ය විද්‍යාවේ නව වෙනසක් සිදුකරමින් සමාජය තුළ අවධානයට ලක් වන විෂයක් ලෙස එය වර්ධනය කිරීමේ ගෞරවය ද ඒ මහතාට හිමිවනවා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්මාතෘවන නිමල් කරුණාසිරි මහතා වයඹ සහ බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ලෙස ක්‍රියාකරමින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවුණා.
නිමල් කරුණාසිරි මහතා මිය යන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසාරිස්වරයෙකු ලෙස කටයුතු කළා.
අභාවප්‍රාප්ත වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ දේහය මේ ව විට මහරගම නාවින්න පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද පස්වරුවේ මිරිහාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
The post වෛද්ය නිමල් කරුණාසිරි මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.