වැග්නර් කුලී හමුදාවෙන් යුරෝපා රටවලට තර්ජනයක් එල්ල වුවහොත් ඊට ප්රතිචාර දැක්වීමට සූදානම් – නේටෝ සං...
වැග්නර් කුලී හමුදාවෙන් යුරෝපා රටවලට තර්ජනයක් එල්ල වුවහොත් ඊට ප්රතිචාර දැක්වීමට සුදානම් බව නේටෝ සංවිධානය පවසනවා.
වැග්නර් කුලී හමුදාව පසුගියදා රුසියාවේ මොස්කව් අගනුවර ආක්‍රමණය කිරීමට උත්සාහ කළ අතර පසුව එහි නායකයා ඇතුළු පිරිසක් බෙලරූස් රාජ්‍යයට පළා ගියා.
වැග්නර් කුලී හමුදාවේ සෙබලුන් බහුතරයක් බෙලරූස් ජාතිකයන් වන අතර ඔවුන්ට රුසියා හමුදාවට එක්වීම හෝ බෙලරූස් රාජ්‍යයට ගමන් කිරීමට අවසර ලබා දෙන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
කෙසේ වුවද විසිපන්දහසකින් සමන්විත මෙම කුලී හමුදා ඛණ්ඩයෙන් නේටෝ සාමාජික රටවලට යම් තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඊට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බව නේටෝ ප්‍රධානියා සදහන් කරනවා.
ඔවුන් බෙලරූස් රාජ්‍යයට පිටත් වීමත් සමග නැගෙනහිර යුරෝපයට තර්ජනයක් එල්ල වී ඇති බවයි නේටෝ ප්‍රධානියා පෙන්වා දෙන්නේ.
කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නේටෝ සාමාජික රටවල් ලබන මස 11 , 12 යන දෙදින තුලදී ලිතුවේනියාවේදී විශේෂ සමුළුවක් පැවැත්වීමට ද නියමිතයි.
The post වැග්නර් කුලී හමුදාවෙන් යුරෝපා රටවලට තර්ජනයක් එල්ල වුවහොත් ඊට ප්රතිචාර දැක්වීමට සූදානම් – නේටෝ සංවිධානය appeared first on ITN News.