සේවක අරමුදල් හා බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට අගමැති සහතික වෙයි

- itnnews.lk

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, ස්වෛරිත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් අද (01) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

ලංකාවේ මිලියන 22 ක ජනගහනය හා සංසන්දනය කරන විට මිලියන 57ක බැංකු ගිණුම් පවත්වාගෙන යන බවත් ඒ සෑම බැංකු ගිණුමකට විශ්වාසයක් ඇති කළ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

1956 රජය විසින් 1958 දී ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත කරන ලද සේවක අර්ථසාධක අරමුදල ආසියාව හා සසඳන විට අද වන විට රුපියල් ට්‍රිලියන 3.5 ක අගයක් ගන්නා විශාලතම අරමුදල බව පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, සේවක අර්ථසාධක අරමුදලත් (EPF) වගේම සේවක භාරකාර අරමුදලත් (ETF) යන දෙක ම, දැවැන්තම මූල්‍ය තැන්පතු තිබෙන ආයතන ලෙස සුරක්ෂිත කරන බවට අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“ගරු කතානායකතුමනි, අද දින විශේෂයන් සංයුක්ත ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම සඳහා වන යෝජනා සම්මතය ගැන විවාදය ආරම්භ වෙලා තිබෙන අවස්ථාවේ ඒකට එක් වීමට පුළුවන් වීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. පසුගිය මාස 10 , 11 තුළ අප රට ගමන් කරපු දරුණුත ම අර්බුදය බොහෝ විට පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තුවේ සිටින සමහර නායක නායිකාවන්ට අමතක වී තිබෙනවා. අපි ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ අවස්ථාවට පිවිසෙන්නට සිදුවුණේ ඒ ඇතිවුණු ඒ බංකොලොත්භාවය හා සමාන ප්‍රකාශනය ප්‍රකාශයට පත් කිරීමෙන්.

අද බැංකු ගැන කතා කළා. මම විශේෂයෙන් ඔබතුමාට සිහිපත් කරනවා, අද ජූලි පළවෙනිදා. සමුපකාර දිනය වගේම මහජන බැංකුව ඇති කළ දිනය. අද ලංකාවේ මහා පෙරළිය වූ බැංකු ක්‍රමයට ඇතුල් වෙච්ච ලොකුම බැංකුව තමයි මහජන බැංකුව. ඒ උපන්දිනයට සුබ පතන්න ඕන. ඒ බැංකුව බංකොලොත් කරවන්න පසුගිය සුමාන දෙක, තුන තුළ විරුද්ධ පක්ෂය පුළුවන් තරම් නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරා. රාජ්‍ය ඇමතිතුමා ඒ පිළිබඳව පැහැදිලි කරා. ඔවුන් බලාපොරොත්තු වුණා, තැන්පත්කරුවන් ඉවත් වෙන්න පටන් ගනියි කියලා. එවැනි තත්ත්වයක් ගොඩ නැගීමට උත්සාහ දැරීම ගැන මා කණගාටු වෙනවා.

මං අද වෙන විට ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනගහනය හා සංසන්දනය කරනකොට මිලියන 57ක බැංකු ගිණුම් රටේ පවත්වාගෙන යනවා. මිලියන 57ක ඒ සෑම බැංකු ගිණුමකට අපි විශ්වාසයක් මේ තුළින් අද ඇති කළා. මේ එකඟතාවය ප්‍රකාශයට පත් කිරීමෙන් මහ බැංකු අධිපතිතුමා, ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ ඒ විශ්වාසය ඇති කළා. බැංකු ගිණුමක් තියෙන කිසි කෙනෙක්ට සැකයක් ඇති කරලන්න මවාපාපු ඒ බරපතළ බිල්ලාව අද සුළඟට ගොස් තිබෙනවා. ඒ ගැන කිපී, නොයෙක් නොයෙක්යෙක් වදන් සඳහන් කරන්න පුළුවන්. නමුත් මේ රටේ බැංකු ගිණුමක් ඇති හැමදෙනාම රජයේ බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවල පවා, රාශියක් පෞද්ගලික බැංකු තියෙනවා. ඒ විශ්වාසය රජය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම බැංකු ක්‍රමය විශ්වාසනීයභාවයත් රටේ ජනතාවට ලබාදීම තුළින්, මූල්‍ය ක්ෂේත්‍රයේ රටේ ආර්ථිකයට එක්කාසු කිරීමේ විශ්වාසය හා අවශ්‍යතාවය ඇති ජනතාවගේ සියළු බැංකු ගිණුම් වත්කම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර දෙන්න රජය ප්‍රතිඥාවක් දී තිබෙනවා.

EPF නැත්තම් සේවක අර්ථසාධක අරමුදලටත්, ඒ වගේම ETF එක Employment Trust Fund මේ දෙකම අද දැවැන්තම මූල්‍ය තැන්පතු තිබෙන ආයතන ලෙස අපි ආරක්ෂා කරනවා. මේ අරමුලේ වත්කම් වටිනාකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එය අපේ රටේ වැඩකරන ජනතාවට සම්බන්ධ නිසා. මේ රටේ වැඩකරන ජනතාව ලක්ෂ ගණනින් රැකියාවලින් දොට්ට දමන බව ඔබතුමාලගෙම කථාවන්වල යළි යළිත් කියවා බැලුවොත් සිහිපත් වෙයි පසුගිය මාස 10. එහෙම තත්ත්වයකින් හැකි තරම් දුරට ඉතාම අවම තත්ත්වයක පවත්වාගෙන යමින් ඒ අයින් වෙන ප්‍රමාණයන් පෞද්ගලික අංශයේ අඩු කරගෙන ගමන් කරන්නට පුළුවන්කමක් අපි ඇති කරා.
ඒ වගේම වසරකට පෙර පැවති ආර්ථික අඳුරු තත්ත්වය මේ වනවිට වෙනස් කරනවා වගේම, මීට අතිරේකව අපේ රටේ විවිධ අවශ්‍යතාවයන් මිලට ගැනීමට බලා සිටපු ජනතාව පෝලිම්වල හිටියා. අද එය ඉවත් කළා. ජුලි මාසයේ 1 වෙනිදා සිට මම හිතන්නේ බස් ගාස්තු, දුම්රිය ගාස්තු වැඩි වුණේ නෑ. තෙල් ඉන්ධන මිල ඉහළ ගියේ නෑ. විදුලි ඒකක මිල ගණන් නොයෙක් ඇවිත් කිව්වට එය යළිත් යම්කිසි දුරකට ගරු අමාත්‍යතුමා හා ඒ ආයතනය විසින් ප්‍රතිසංවිධානයක් පත් කරලා තිබෙනවා. මේ සෑම එකක්ම ජීවන වියදම පහත ගෙන ඒමටත්, අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ සඳහා සහනදායී තත්ත්වයක් ඇතිවෙනවා. තීරුබදු ගාස්තු අඩු කිරීමෙන් ආනයනයන් වැඩි කිරීමට 300කට අධික භාණ්ඩ හා ප්‍රමාණයකට ඒ සහනය ක්‍රියාත්මක කරන්නට රජය ආරම්භ කරලා තිබෙනවා. එහෙමනම්, කර්මාන්ත ක්ෂේත්‍රයේ සංචාරක අංශයටදථ කම්හල්වලටද විදුලි ඒකකය යම් යම් සංශෝධනයන්ට පත්වෙනකොට එම ක්ෂේත්‍රවලට ද අදට වැඩිය විශ්වාසයෙන් කටයුතු කළ හැකි කාලපරිච්ඡේදයකට පැමිණෙනවා. පසුගිය වසර දෙස බලන විට අද ආර්ථිකය වඩාත් ශක්තිමත් හා සුරක්ෂිත තැනකට ගෙනැවිත් තිබෙන බව ඉතා පැහැදිලියි ඒ වගේම ආර්ථික නිෂ්පාදනයේ යෙදී සිටින අනිත් අංශවලට ද ඒ හා සමාන විශ්වාසයකින් ආර්ථිකය යළි ශක්තිමත් කරගැනීමට සහභාගීවන අවස්ථාව මෙම යෝජනාවේ අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකානු ඩොලරය රුපියල් 360කට තමයි අපි අපි රජය බාරගන්නා අවස්ථාවේදීත් ජනාධිපතිතුමත් සිටියේ. අද 300කට ආසන්න අගයකට ගෙනවිත් තිබෙනවා. ඒ උත්පාදනය වෙන්න පුළුවන් උඩට පල්ලෙහාට. නමුත් විදේශ සංචිත බින්දුවට ගිහින් තිබුණා. අද ඩොලර් බිලියන තුනකට විදේශ සංචිතය ස්ථාවර කර තිබෙනවා. සංචාරක පිරිස් ලංකාවට ආවේ නැහැ. රටටවල්වලින් ගුවන් යානා හා සංචාරකයින් දහස් ගණනින් ලංකාවට පැමිණෙනවා. අනෙක් රටවල්වල වෙළඳපොළවල් සඳහා අපට ගනුදෙනු කරන්න පුළුවන්කම අපේ බැංකු ක්‍රමයට ඇති වුණා. අපේ බැංකු ක්‍රමය ඇණහිටින තත්වයකට පත් වෙලා තිබුණේ. බොහෝ අයට අමතකයි. මේ බැංකු ක්‍රමයට අද විදෙස් බැංකු සමඟ විශ්වාසයෙන් ගනුදෙනු කරන්නට පුළුවන්කමට ඒ සඳහා ගැනුම්කරුවන්ට කටයුතු කරන්නට පුළුවන්කම මේ වැඩසටහනෙන් ඇතුළු වෙනවා.

අපේ රටේ වැඩකරන ජනතාව තැන්පත් කර තිබෙන සේවක අර්ථසාධක අරමුදල සහ ETF එක අපේ ව්‍යාපාරික ප්‍රජාවට ද ඒ සැකය ඇති කරන්න දැරූ උත්සාහය අසාර්ථක වී තිබෙනවා. රජයක් හැටියට අපි දරන මේ ‍යෝජනාවලිය IMF එක හා ලෝක බැංකුවගෙත් හා ඒ වගේම අපිට සහයෝගය දක්වන දේශීය බැංකු ක්‍රමයත් සමඟම එතකට ගමන් කර සාර්ථකත්වයට ගෙන ඒමට දරන උත්සාහයට සහය වන්නට කියලා යළිත් මම අග්‍රාමාත්‍යතුමා හැටියට ආයාචනය කරන්න කැමතියි.

පාර්ලිමේන්තුවේ දේශපාලන මතවාද මොනවා තිබුණත් මේ වැදගත් අර්බුදයෙන් අපිට එගොඩ වෙන්නට සැප්තැම්බර් මාසය වනකොට වඩාත් ශක්තිමත් මූල්‍ය හා ආර්ථික තත්ත්වයකින් රට ඉදිරියට ගමන් කරන්නට ඇති ක්‍රියාමාර්ගයට හවුල්කාරයින් බවට පත් වෙන්න කියලා. .”

The post සේවක අරමුදල් හා බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට අගමැති සහතික වෙයි appeared first on ITN News.

You may also like

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

- colombogazette.com

A13-year-old Christian girl, Sania Amin, went missing on April 4 after she left home to buy groceries in Anjotar, a village in Pakistan’s Punjab province. Local eyewitnesses reported that three Muslims took her by force and dragged her through the streets. Pakistani police refused to register a “First Information Report” (FIR) for Sania’s abduction. Christian […]

- colombogazette.com

The foreign owner of the Dambulla Thunders Lanka Premier League (LPL) team has been arrested over alleged match fixing. The AFP news agency reported that Tamim Rahman, owner of Dambulla Thunders and a British national of Bangladesh origin, was stopped at the country’s main airport before he boarded a flight to Dubai, Police said. He […]

- colombogazette.com

A businessman who was arrested and remanded for allegedly assaulting the Iranian Ambassador in Colombo, had been released on bail. The businessman had reportedly assaulted Iranian Ambassador Dr. Alireza Delkhosh at the car park of the Colombo City Center (CCC). A verbal exchange had taken place between the businessman and the diplomat over a parking […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc