මෙරට යුද හමුදා සාමාජිකයින් 170ක් මාලි රාජ්යය බලා පිටත්ව යයි
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා තෝරාගත් යුද හමුදාවේ 170 දෙනෙක්ගෙන් සමන්විත භට කණ්ඩායමක් මෙරටින් පිටත් වුහ.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්යය බලා පිටත්ව ගියේය.
මේ භට කණ්ඩායම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරන නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසකගෙන් සමන්විත විය.
මෙවර සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩායමේ බහුතරය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගී වේ.
එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්ඩ.බී.එන්.පී වික්‍රම මාරච්චිල දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ඒ.ඩී බණ්ඩාරනායක යන මහත්වරුන් කටයුතු කරන බව යුද හමුදාව පවසයි.
මෙම කණ්ඩායමේ දෙවන කණ්ඩායම අගෝස්තු මස (29) දින මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
The post මෙරට යුද හමුදා සාමාජිකයින් 170ක් මාලි රාජ්යය බලා පිටත්ව යයි appeared first on ITN News.