අවුරුදු 12 ට අඩු දරුවන්ට අද නොමිලේ දෙහිවල සත්වෝද්යානය නැරඹීමේ අවස්ථාව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් අද (03) දින වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.
සංවත්සරය වෙනුවෙන් අදින් ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් එම වැඩසටහන් අතරට දරුවන්ට විශේෂ වැඩසටහන් රැසක් ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
දෙහිවල සත්වෝද්‍යානයේ අලුතෙන් ඉදිවුණු ‘සිංහ අරණ’ විවෘත කිරීම, ජාතික සත්වෝද්‍යානයේ පැරණිතම සේවකයන් 10කට සමරු තිළිණ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් අද දින පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
ආසියාවේ පැරණිතම සත්වෝද්‍යානවලින් එකක් වන දෙහිවල සත්වෝද්‍යානය, ජර්මන් ජාතික ජෝන් හාර්ගන් බෙග් මහතා විසින් 21 වැනි සියවස ආරම්භයේදී අපනයනය සඳහා සතුන් එකතුකර රැස්කර තබාගන්නා මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර ඇත. එය 1936 වර්ෂයේ ජූලි 03 වැනිදා රාජ්‍ය පාලනය යටතට පත්විය.
The post අවුරුදු 12 ට අඩු දරුවන්ට අද නොමිලේ දෙහිවල සත්වෝද්යානය නැරඹීමේ අවස්ථාව appeared first on ITN News.