දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
හලාවත දැදුරු ඔයේ දියනෑමට ගිය හතලිස් දෙහැවිරිදි සිව්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම පුද්ගලයා මීගමුවේ සිට පවුලේ සාමාජිකයින් සමග චාරිකාවක් පැමිණ දැදුරු ඔයේ දියනාමින් සිටින අතරතුර බෝලයක් ගැනීම සදහා ඔය මැදට පීනා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඔහු දියේ ගසාගෙන ගොස් ඇති අතර බෝට්ටු කිහිපයක් ද යොදාගනිමින් එම පුද්ගලයා සෙවීම සිදුකළා.
මෙම සතිය ඇතුළත මෙම ස්ථානයෙන් දැදුරු ඔයට බිලිවූ දෙවන පුද්ගලයා මොහු බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
The post දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.