උතුරු පළාතේ සෞඛ්ය සේවා තවදුරටත් ශක්තිමත් කෙරේ
නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්ය සේවා තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.
උතුරු පළාතේ සෞඛ්ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සදහා වන ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 75ක් ලබාගැනීම සදහා යුරෝ මිලියන 45 ක ණය මුදලක් සදහා නෙදර්ලන්ත බැංකුවක් සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඉතිරි සියයට 25 නෙදර්ලන්ත රජයේ ඉන්වෙස්ට් ඉන්ටර්නැෂනල් පබ්ලික් ප්‍රෝගෑම් යටතේ ප්‍රදානයක් ලෙස ලබා දෙනවා.
මේ වන විට ව්‍යාපෘතිය සියයට 92 ක් අවසන්ව ඇති අතර මෙරට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය සදහා ලබා දෙන ප්‍රදානය සියයට 35 ක් දක්වා ඉහළ නැංවීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගිවිසුමට එළඹීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.
The post උතුරු පළාතේ සෞඛ්ය සේවා තවදුරටත් ශක්තිමත් කෙරේ appeared first on ITN News.