පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කෙරේ
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
බැඳුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස හයක කාලය ඊයේ නිමාවට පත් වුණා.
The post පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කෙරේ appeared first on ITN News.