ගම්පහ දිස්ත්රික් ක්රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම ඇරඹෙයි
ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගෙන අංග සම්පූර්ණ පහසුකම් සහිතව ජාතික මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස වතුපිටිවල ආයෝජන කලාපයේ පිහිටි ගම්පහ දිස්ත්‍රික් කීඩා සංකීර්ණය සංවර්ධනය කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩාංගනයේ නිරීක්ෂණය කිරීමට හා ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
දැනටමත් මෙම කීඩාංගනය රුපියල් මිලියන 400ක් පමණ වැයකර ක්‍රීඩාපිටියක්පි, හිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරය කින් සමන්විතයි.
ගෘහස්ථ ක්‍රීඩාගාරය තවමත් ඉදි කරමින් පවතින්නේ.
එමෙන්ම මෙහි පිහිනුම් තටා යම් අසල පිහිටි කර්මාන්තශාලාවකින් දූවිලි අංශු තැන්පත් වීම නිසා භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ද උදා වී තිබෙනවා..
මෙහි ඉදිරි කටයුතු පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිලධාරීන්ක්, ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.
මෙහිදී ඉතා කඩිනමින් මෙම ක්‍රීඩාංගනය මේ වසර තුළදී භාවිතා කළ හැකි මට්ටමට සංවර්ධනය කිරීමට තීරණය කෙරුණා.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් mahendra රාජපක්ෂ, අත්තනගල්ල හිටපු සභාපති priyantha pushpakumara මහතා ද එක්වූවා.
The post ගම්පහ දිස්ත්රික් ක්රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.